ලියන්න හිතන් හිටියෙ දුෂ්කර සේවා කාලයේ මගේ දිනපොත් වල සටහන්. මේ වගේ සටහනකින් පටන් ගන්න කවදාවත් හිතුවෙ නෑ. ඒත් කඹුරුපිටියෙ ඉඳල ඇවිල්ල ගැටමාන්නෙ නායකවත්තෙ පාසලේ දරුවන්ට ලෝකෙ පෙන්නපු ඒ උතුම් ගුරුතුමන්ගෙ හැබෑ ගුරු සේවයට මගේ “පසල් දනව්වේ ගුරු තුමාගේ දින පොත” උපහාරයක් කොට පුද දෙන්නම්.
2010 මාර්තු මස 15 වැනිදා
රටට ඕනම කරන මනුස්සයෙක් අද ජීවිත ගමනෙ අවසානය සටහන් කළා. දරුවන්ගෙ ක්‍රීඩා උත්සවයට බඩු වගයක් ගේන්න අත් ට්‍රැක්ටරයකින් ගිහිල්ලා ඒක පෙරළිලා.
ගොඩක් දුර ඉඳල ඇවිල්ලත් ගමේ පාසලේ හරිම සතුටෙන් උගන්වපු, දරුවන්ට තාත්ත කෙනෙක් වෙච්ච, ගුරුමණ්ඩලයට හැබෑම සහෝදරත්වය බෙදපු, දෙමාපියන්ට ඇත්තම ගුරුතුමෙක් උනු නිසාම ක්‍රීඩා උත්සවයට දරුවන්ගෙ තියෙන ආසාව උනන්දුව කැපවීම දැක්කම ඒ ගමන නොගිහින් ඉන්න බැරිවෙන්න ඇති. ඒක නිසා තමයි ඩ්‍රයිවර් කෙනෙක් නෑ කිව්වම, මම එන්නං කියල උඹම ට්‍රැක්ටරේ අරෙගන යන්න හිතන්න ඇත්තෙ. උඹේ හදවතේ තිබුණ ආදරය යකඩ ගොඩට තේරුම් ගන්න බැරිවෙන්න ඇති. උඹේ කැපවීමට සහයෝගයක් නොදී පෙරළල දාන්න ඇත්තෙ ඒකයි.
හතයි තිහට පස්සෙ ඇවිල්ල එකයි තිහට කලින් පනින, හැමතිස්සෙම අයිතිවාසිකම් ගැන විතරක්ම කතා කරන, හැම පොදු වැඩකදිම කර අරින, ටියුෂන් කඩේට උදේටත් ඉස්කෝලෙ ළමයි ගෙන්න ගන්න, අසමජ්ජාති ගුරාල ඉන්න මේ බිමේ තියල තවදුරටත් උඹට දුක් දෙන්න ශක්‍රයටත් දුක හිතෙන්න ඇති. ඒකයි උඹව එහාට ගෙන්න ගත්තෙ. ඒත් එයාටත් වගක් නැති උනා එක වසරෙ ඉන්න උඹෙ පුංචි පැටිය ගැන, හැම වැඩකදිම හෙවනැල්ල වගේ උඹේ ලඟම දැවටිලා ඉන්න ඒ අහිංසකී ගැන හිතල බලන්න.
ගුරුමහත්වරු නෝනල ටික දෙනෙක් උඹට දීපු ගෞරවනීය උපහාර වලින් ටිකක් මේකෙ සටහන් නොකලොත් මගේ දිනපොත් පිටුව බොඳ කරපු කඳුළු කැට වලට අරුතක් නැතුව යාවි.
“මෝඩයෙක්, රස්සාව කරගෙන ඉන්න දැනගෙන හිටියෙ නෑ”. “තමන්ගෙ සීමාව දැනගත්තනං ඔහොම වෙන්නෙ නැහැනේ”. “ඉස්කෝලෙට කලින් ගෙදර ගැන හිතන්න තිබුණ”. “නොදන්න මගුලට මොන එහෙකට ගියාද”.
මේ දේවල් ඇහෙද්දි මගේ කන්දෙක නැතුව ඉපදුනානං මට අඬන්නෙ නැතුව ඉන්න තිබුණ.
උඹ රස්සාවක් කලේ නෑ ඉස්කෝලෙ දරුවන්ට ලෝකෙ පෙන්නුව. උඹ සීමාව දැනගත්තෙ නැති නිසා දරුවො හදවතින්ම හිනා උනා. ඉස්කෝලෙ ගැන වැඩියෙන් හිතපු නිසා සල්ලි නැතුව දරුවො හවසත් ඉගෙනගත්තා. මේ මෝඩයෙක් නං අපේ රට මෝඩයන්ගෙන් පිරෙන දවස එනකං අ බලං ඉන්නං.
එක අතකට ඇත්ත උඹ මොන මගුලකට ගුරුවරයෙක් උනාද? මේ වගේ ගුරුවරු අපිට වැඩක් නැතුව ඇති.
Subscribe to:
Post Comments (Atom)
heads bowed.. palms togher.. ! Silence
ReplyDeleteමේ අද ඊයේ කථාවක් නෙමෙයි නේද? මට මතකයි කාලෙකට ඉස්සර මෙහෙම කථාවක් ප්‍රවෘත්ති වලට ගියා. මේ ඒ කථාවද?
ReplyDeleteRandil
ReplyDeleteමේ ගුරු සහෝදරයාගේ භූමදානය සිදු උනේ මේ මාසේ 12 වෙනිදා. හැබෑවටම මේ මාසෙ කරන්න තිබුණු නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට Tent එකක් ගේන්න ගිහිල්ලා මේ සිදුවීම උනේ.තාමත් පාසලේ දරුවෝ ගුරුවරු අඬනවා.
ane me liyana mamath guruwariyak. mata man gana lajja hithuna e kathawa ahala. mama ada indan wenas wenawa
ReplyDeletedayya iskole wada thiyena welaweda blog liyanne??
ReplyDeleteIroshi
ReplyDeleteඑදා ඒ අහිංසකය ගැන හිතේ ඇති වෙච්ච වේදනාවට මම ලියාගෙන ලියාගෙන ගියා නැවත කියෙව්වෙවත් නෑ. එහෙමම දැම්මා. කවදාවත් දරුවන්ට පාඩුවක් කරන්නෙ නෑ. විනාඩි කීපයයි ගියේ.සමාවෙන්න මම කවදාවත් ආයේ එහෙම කරන්නෙ නෑ. ස්තුතියි ඔයාට
නොවටිනාකම් වටිනාකම් වන සමාජයක පෙර උතුම් යයි සැලකූ ඇතැම් වෘත්තීන්ද බාල්දු වී ඇත. ඒ වෙනකක් නිසා නොව මේ වෘත්තීන් තුල සිටින්නේද අප මේ සමාජයේම කොටසක් බැවිනි. එහෙත් මේ සමාජ ප්‍රවාහයේ උඩුගම් බලා යන ඔය වන් මිනිසුන් තවමත් මේ වෘත්තීන් තුලද සමාජයේද සිටියි. නමුත් උන් අගයන්නට, දිරි දෙන්නට තරම් මේ සමාජය නොපෙළඹේ. ඒ එවන් මිනිසුන් මේ මහා සමාජයට අයිති නොවන්නවුන් නිසාය.....ඒ මට හිතෙන හැටිය............
ReplyDeleteනොවටිනාකම් වටිනාකම් වන සමාජයක පෙර උතුම් යයි සැලකූ ඇතැම් වෘත්තීන්ද බාල්දු වී ඇත. ඒ වෙනකක් නිසා නොව මේ වෘත්තීන් තුල සිටින්නේද අප මේ සමාජයේම කොටසක් බැවිනි. එහෙත් මේ සමාජ ප්‍රවාහයේ උඩුගම් බලා යන ඔය වන් මිනිසුන් තවමත් මේ වෘත්තීන් තුලද සමාජයේද සිටියි. නමුත් උන් අගයන්නට, දිරි දෙන්නට තරම් මේ සමාජය නොපෙළඹේ. ඒ එවන් මිනිසුන් මේ මහා සමාජයට අයිති නොවන්නවුන් නිසාය.....ඒ මට හිතෙන හැටිය............

ReplyDelete