1993 මැයි 04 අඟහරුවාදා
පත්වීම් ලිපිය අතට ගනිද්දි තිබුණ දොර ගලායන සතුටට මොනවද උනේ කියල මට හිතාගන්නවත් බෑ. එක හීනයක් ඉටු කරන්නෙ තව දෙක තුනක් අපිටත් නොදැනෙන්න දියකරල දමල කියල පුංචි කාලෙ ඉඳලම මම දැනගෙන හිටිය. ඒත් අපේ හිත් ඒ හීනත් එක්කම ජීවත් වෙනව. ඒ හින්දමද මන්ද, තල් කොළ හෙවිල්ලපු කටු මැටි ගහපු පුංචිම පුංචි මඩුවක් තමයි මගේ මුල්ම ඉස්කෝලෙ කියල පිළිගන්න මගේ හිත කැමති උනේ නෑ. පත්වීම් ලිපිය අතට ලැබුණ වෙලාවේ මොහොතකටවත් හිතුණෙ නෑ ගෙදර ඉඳල සැතපුම් සීයකට වැඩිය දුර ඇවිල්ල මම යන්නෙ මේ වගේ පාසලකට කියල. මේ වගේ පාසල් තියෙනව කියල දැනගෙන හිටියෙත් නෑ.
තල්කොළ වලින් යන්තම් අටවපු වහල කැඩිච්ච තැන්වලින් ඉර එලිය බිමට වැටෙනව. අඩිතුනක් විතර උසට කටුමැටි ගහල හදපු බිත්තියෙ සමහර තැන් වැස්සට තෙමිල හේදිලා ගිහිල්ල. දූවිලි වලින් පිරුණු බිම වාඩිවෙලා හිටපු සමහර දරුවො නැගිටල මගේ දිහා බැලුව. දුඹුරු පාට පැල්ලම් වලින් පිරිච්ච කහ පාටට හුරු සුදු ඇඳුම් ඇඳගත්තු ඒ පුංචි එවුන් දිහා මම කිසිදු හැඟීමක් නැතුව ඔහේ බලං හිටිය. ටික වෙලාවකින් මගේ ඇස්දෙක තෙත් වෙනව මට දැනුන. ඒ වෙලාවෙ මගේ ලඟ හිටපු මගේ තාත්තගෙ අත මම තද කරල අල්ල ගත්ත. කොච්චර වෙලා මම එහෙම හිටියද කියල මම දන්නෙ නෑ. “පුතේ ඉස්කෝලෙට යන්න” කියල වෙව්ලන කඬින් තාත්ත කියද්දි මම නින්දෙන් අහැ ඇරුන වගේ වටපිට බැලුව. මහා මූකලානෙ හේන් යාය අතරින් ඈතින් පේන කඳු මුදුනක් දිහා බලාගෙන මගෙන් වසන් කරන්න හැදුවත් ජීවිතේ පළමු වතාවට තාත්තගෙ ඇස්දෙක තෙත් වෙලා දිලිසෙනව මම දැක්කා. පහළට බහින්න පඩිපෙලක් වගේ හැදිච්ච ගල් උඩට කකුල තියල හෙහින් හෙමින් මම මගේ ඉස්කෝලෙට ගියා රාජකාරි කටයුතු භාරගන්න. මම ගියා නෙමෙයි ඉබේම යැවුනා. කාර්යාල කාමරය, විද්‍යාගාරය, පුස්තකාලය, ආදි මෙකී නොකී හැම දේකටම තිබුණෙ ඒ පුංචි මඩුව විතරයි. හිටියෙ එකම එක ගුරු මහත්මියක් විතරයි. ඒ පාසලේ විදුහල්පති තුමිය. ලිපි ලේඛන අත්සන් කරල ගෙදර එන්න ආව. හොඳටම රෑ වෙලා. මීගහකිවුලෙ ලලිත් මුදලාලිගෙ කඩේ ලෑල්ලක් උඩට වෙලා මම ඩයරිය ලියන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති හින්දා. “දැන් රෑ වෙච්ච නිසා බස් සේරම ගිහිල්ල මහත්තයලට බදුල්ලට යන්න මම ලොරියක්වත් නවත්තල දෙන්නම්” ලලිත් එහෙම කියද්දි මම මේ ඩිංගත් ලියල වැඩේ නැවැත්තුව.
නියමයී. ආසාවෙන් කියෙව්වේ.
ReplyDeletesuperb machan...
ReplyDeleteදෙන්නටම ස්තූතියි උදේම දිනපොත කියවල අගය කළාට.
ReplyDeleteලස්සනට තියෙයි...දිගට ලියන්නකො..පුළුවන් නම් සැරින් සැරේ නවත්තන්නෙ නැතිව...
ReplyDeleteඅනේ මං හිතුවෙ නැතුවට ඔයාල හැමදාම මාත් එක්ක ඉඳලනේ. පුළුවන් තරම් උත්සාහ කරන්නම්. ස්තුතියි ඔබට.
ReplyDeleteදයියා:
ReplyDeleteඅපේ රටට ඕනේ ඔය වගේ ගුරුවරු..ගුරු වෘත්තිය රැකියාවක් කරගන්නේ නැති අය..
ලියන්න...දිගටම...නතර කරන්න එපා..අර චේජනා කිව්වා වගේ එක දිගට ලියන්න..ඉදලා හිටලා ලියන්නේ නැතිව.
ස්තුතියි මචං. උඹල වගේ සංවේදි අයට විතරයි අපි ඒ ගෙවපු ජීවිතය විඳින්න පුළුවන් වෙන්නෙ. හදවතින් මම තාමත් ඒ අහිංසක ජීවිතත් එක්ක ජීවත් වෙනව.
ReplyDeleteඔයා කරන්නේ ලොකු සේවයක්. අපි හිතන් ඉන්නවට වැඩිය දුෂ්කර දේවල් තාමත් මේ ලංකාවේ තියෙනවා. අපිට නම් රෑ 12ට හරි ගෙදර යන්න බස් තියෙනවා. ඒත් හවස 5 6 වෙද්දිත් එක වාහනයක්වත් නැති තවත් ගම් කීයක් මේ ලංකාවේ ඇත්ද? දිගමට ලියන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. අපි මේ පැත්තේ එනවා මේක කියවන්න.
ReplyDeleteඒක නෙමෙයි!!! ඊට පස්සේ මොකද උනේ....
ReplyDeleteඋගන්වන්නේ මොන පන්තියටද?
බිඟුවගේ ලිපියක කොමෙන්ට් එකකින් මේ පැත්තට ආවේ.
ReplyDeleteඒත් කලින් ඇවිත් තියෙනවා වගේ මතකයකුත් තියෙනවා වගේ.
හරිම සංවේදී සටහනක්.
ටික කලකට කලින් අයි ටී එන් එකේ බලපු තක්සලාව ටෙලිය මතක් වුනා.
ඒ ටෙලිය ගැන මගේ බ්ලොග් එකේත් ලිව්වා.
වෙලාවක් තිබ්බොත් කියවන්න
මෙන්න ලින්ක් එක
මහත්තයෝ ආයේමත් ලියන්න පටන්ගන්නකෝ මේක...
ReplyDeleteඅපූරුවට ලියලා තියෙනවා... ඔය වගේ අත්දැකීම් ඩයරියට සීමා කරන්නේ නැතිව එළියට දාන්න. ඔබට ජයෙන් ජය සහෝ..
ReplyDeleteසර් , සර්ගෙ මුල්ම පාසලේ තොරතුරු මම සර්ගේ මුවින්ම අහල තියෙනව පින්තූර දැකලත් තියෙනව මට මේ දිනපොත කියවනකොට ඒ සියල්ල මැවිල පේනව තව නොදන්න දේවල් දැන ගන්න හරිම ආසයි තව ලියන්න
ReplyDeleteඉනෝකා